වෙනදා ගෝළයෝ රොද බඳින ජනපතිගේ බත්දන්සල මෙවර පාළු වෙලා!

June 23, 2019 at 1:21 pm | by emanisa.lk

ජනාධිපතිවරයා පොසොන් පොහොය වෙනුවෙන් පොළොන්නරුව ප්‍රදේශයේ ජයටම පවත්වන බත් දන්සැල පසුගිය සමයේ ජනතාවගෙන් මෙන්ම පළාතේ මැති ඇමතිවරුන් ඇතුළු ජනතා නියෝජිතයන්ගෙන් පිරී ඉතිරී ගියේය. ඒ ජනාධිපතිවරයා ද පෞද්ගලකවම මෙම අවස්ථාවට සහභාගී වන හෙයිනි.

ජනාධිපතිවරයා සුපුරුදු ලෙස මෙවරත් බත් දන්සැලට පැමිණ එහි කටයුතුවලට දායක වුවද දන්සැල ජයටම පැවැත් වුවද වෙනදා රොද බඳින බොහෝ දේශපාලකයන් මෙවර පැමිණ සිටියේ නැත.

සුපුරුදු ලෙස මෙහි පැමිණි එක්තරා මන්ත්‍රීවරයකු සිදුව ඇති වෙනස දැක මිතුරකු සමග ප්‍රකාශ කර තිබුණේ නැඟෙනහිරුට නමස්කාර කිරීමට මෙන්ම බසින හිරුට පිටුපෑමට ද අපේ දේශපාලකයන් බොහෝ දක්ෂ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස