විස්සේ ඡන්ද විමසීම අද රාත්‍රියේ! විපක්ෂයේ පිරිසක් විස්සට පක්ෂවෙයි!

October 22, 2020 at 9:31 am | by emanisa.lk

20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම අද (22) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ.

විවාදය අද රාත්‍රී 7.30 දක්වා පැවත්වීමෙන් අනතුරුව ඡන්ද විමසීම සිදුකෙරේ. ඡන්ද විමසීමට පෙර ආණ්ඩු පක්ෂයේ මෙන් ම විපක්ෂයේ සංශෝධන ද සලකා බැලීම සිදු කෙරේ.

මේ අතර විපක්ෂය නියෝජනය කරන පිරිසක් මෙම සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දීමේ සූදානමක් පවතින බවට ආරංචි පැතිර යයි.

සමගි ජන බලවේගයේ සමාජමාධ්‍ය කණ්ඩායම් පවසන පරිදි 20 වෙනි සංශෝධනයට පක්ෂව ඡන්ද 160කට අධික සංඛ්‍යාවක් ලැබෙනු ඇත.

සමගි ජන බලවේගයේ හේෂා විතානගේ, චමින්ද පියසිරි ඇතුළු 10 දෙනෙකුට අධික පිරිසක් මේ වන විටත් ආණ්ඩුව සමග එකතු වී 20ට සහාය දැක්වීමට එකඟ වී ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස