විජේදාස නැවතත් රාජපක්ෂ විරෝධී පිළට! මිතුරන් අතර හුවමාරු කරගත් පින්තූරයක් ලීක්!

October 11, 2020 at 5:51 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ විසින් පෞද්ගලික සමාජ මාධ්‍ය කණ්ඩායමක බෙදා හරින ලද පින්තූරයක් මේ වන විට ෆේස්බුක් ඇතුළු සමාජමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ හුවමාරු වෙයි.

විජේදාස රාජපක්ෂ කිසියම් මිතුරු කණ්ඩායමක් අතර බෙදා ගත් මෙම ඡායාරූපයේ චීන ජනාධිපතිවරයාට රාජපක්ෂ පරපුරේ කුරහන් සාටකය පළඳා තිබේ.

“අම්මේ මම ඉඩමක් ගත්තා. කෝටි දෙකක මී හරක් පට්ටියක් එක්ක.” යනුවෙන් එහි සඳහන් වෙයි.

පොදුජන එක්සත් පෙරමුණේ සිටි විජේදාස රාජපක්ෂ 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්ව ටික කලකින් එජාපයට එකතු විය. අනතුරුව 2015 එජාපය සමග එක්ව අධිකරණ ඇමති ධුරය ද දැරූ අතර 2019 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂට සහයෝගය ලබා දුන්නේය.

කෙසේ වුවද මහා මැතිවරණය පසු ඔහුට කැබිනට් ඇමති ධුරයක් ලබා නොදීම පිළිබඳ අමනාපයෙන් රාජ්‍ය ඇමති ධුරය ද ප්‍රතික්ෂේප කරමින් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස