විජේදාසට රාජ්‍ය ඇමතිකමක් මදිවෙයි! මහනුවර ඇවිත් ආපසු හැරී යයි!

August 13, 2020 at 11:13 am | by emanisa.lk

අමාත්‍ය ධූරයක් නොලැබීම හේතුවෙන් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීමේ අවස්ථාවට සහභාගී නොවූ බව වාර්තා වෙයි.

තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් නොව, රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදීමට නියමිත බව සැලවීමත් සමග ඔහු උත්සව භූමියෙන් පිටවගොස් ඇති බව වාර්තා වෙයි.

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස විජයදාස රාජපක්ෂ දිවුරුම්දීමට නියමිතව තිබිණි. ඒ අනුව එම රාජ්‍ය අමාත්‍ය ධුරයේ කිසිවෙකු දිවුරුම් දුන්නේ නැත.

මේ අතර අමාත්‍ය ධූරයක් නොලැබීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් ප්‍රේමජයන්ත් ද, මහනුවර මගුල් මඩුවේ පැවති දිවුරුම්දීමේ උත්සවයට සහභාගි නොවීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *