මගේ කේන්දරේ හරිම බලවත්! මට ගහපු හැම එකාම මළා! විජේදාසටත් වෙන්නේ ඒ ටික!

July 4, 2020 at 6:48 am | by emanisa.lk

ඇවන්ගාඩ් සමාගම විසින් තමාට අල්ලස් මුදල් දුන්නේ යයි විජේදාස රාජපක්ෂ හිටපු ඇමතිවරයා එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් හිටපු ඇමති රාජිත සේනාරත්න සඳහන් කරයි.

අදාල චෝදනාවට විරුද්ධව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් විජයදාස රාජපක්ෂගේ ජනාධිපති නීතිඥ කමත් නීතිඥකමත් ගලවා දමන බවත් ඔහු පැවසීය.

හිටපු ඇමතිවරයා මේ බව කියා සිටියේ කොළඹ පිහිටි සමගි ජන බලවේගය මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන්ට පහර දෙන එකෙක්වත් ඉතුරු නොවන බව සිය කේන්දරයේ ඇතැයිමගෙ පැවසූ ඔහු ඉදිරියේදී විජයදාස රාජපක්ෂටත් වන්නේ එයම බව ද සඳහන් කළේය.

තමන්ට ගහපු එක් අයෙකුට මෑතක දී හෘදයාබාධයක් ඇතිවූ බවත් තවත් අයකුට දිනුවද පාර්ලිමේන්තුව ඒමට හැකියාවක් නැතිව මියගිය බවත් ඔහු අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස