විජේදාස එපා කී ඇමතිකමට සුසිල් හා කියයි! රාජ්‍ය ඇමතිකමේ අදම දිවුරයි!

August 26, 2020 at 6:17 pm | by emanisa.lk

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබේ.

දිවුරුම් දීම අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. අදාළ අමාත්‍ය ධුරය මෙයට පෙර විජේදාස රාජපක්ෂට ලබා දීමට තීන්දු කර තිබුණ ද ඔහු එය භාර නොගත් බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස