කටුනායක ගුවන්තොටුපළ පිවිසුමේ බෝම්බයක්! තවත් විනාශයකට පෙර නිශ්ක්‍රීය කරයි!

April 22, 2019 at 6:43 am | by admin

කටුනායක ගුවන් තොටුපලේ පිවිසුම් මාර්ගය ආසන්නයේ තිබී වැඩි දියුණු කරන ලද බෝම්බයක් (IED) ගුවන් හමුදාවේ මුර සංචාරක භට පිරිස් විසින් ඊයේ (21) රාත්‍රියේදී සොයා ගෙන තිබේ.

කටුනායක ගුවන් තොටුපලේ පිවිසුම් මාර්ගය ආසන්නයේ පිහිටි ආඬිඅම්බලම මාර්ගය ආසන්නයේ තිබී අඩි 06 ක පමණ දිගකින් යුත් පිවිසී (PVC) බටයක පුපුරණ ද්‍රව්‍ය යොදා සැකසූ වැඩි දියුණු කරන ලද බෝම්බය සොයා ගැනීමට ගුවන් හමුදාවේ පාමුර සංචාරයේ යෙදී සිටි භට පිරිසකට හමුවී තිබු බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනවිරත්න සඳහන් කර සිටියේය.

පසුව ගුවන් හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රිය අංශය විසින් එම බෝම්බය ආරක්‍ෂිත ස්ථානයකට රැගෙන ගොස් පුපුරුවා හැරිමට කටයුතු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස