වාහන පර්මිට් එකටත් තව බදු සහනයක් දෙන්න! – GMOA

May 12, 2020 at 11:48 pm | by emanisa.lk

තීරුබදු සහන වාහන බලපත්‍ර යෝජනා ක්‍රමය යටතේ වාහන ආනයනය කිරීමේදී වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ට අතිරේක බදු සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුදල් ඇමැතිවරයා වන අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යවා තිබේ.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ එම ලිපියෙන් පවසා ඇත්තේ විදේශ මුදල් විනිමය අනුපාතවල මෑතදී සිදුව ඇති බලාපොරොත්තු නොවූ වර්ධනයන් හේතුවෙන් ආනයන බද්ද ලෙස දැනට ගෙවිය යුතු මුදල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

මෙම අහිතකර තත්ත්වය හේතුවෙන් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට අතිරේක සුඛෝපභෝගී බද්දක් ද ගෙවීමට සිදුව ඇති බව වෛද්‍ය අලුත්ගේ පවසයි. ඇතැම් පුද්ගලයන්ට මේ හේතුවෙන් අතිරේක බදු ලෙස රුපියල් මිලියනයක් පමණ ගෙවීමට සිදුව ඇති බව තමන්ට වාර්තා වී ඇතැයිද හෙතෙම සඳහන් කරයි.

මේ පිළිබඳව සලකා බලා මූල්‍ය සහන ක්‍රමයක් ලෙස රාජ්‍ය අංශයේ සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ට සාධාරණ අතිරේක බදු සහනයක් ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස