ජනපති අනින් අනවශ්‍ය නීති ඉවතට! සාමාන්‍ය ඇස් පරික්ෂාවකින් සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර! ඇස් පරික්ෂාව ගමේ රෝහලින්!

January 1, 2020 at 11:09 am | by emanisa.lk

සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා මෙතෙක් අවශ්‍ය වූ පූර්ණ වෛද්‍ය පරීක්ෂණය අහෝසි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීන්දු කර තිබේ.

ඒ අනුව මෙතැන් සිට පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පෙනී සිටිය යුතු වන්නේ බර වාහන රියදුරන් පමණි. බොහෝ දියුණු රටවල ද දැකිය හැක්කේ මීට සමාන ක්‍රමයකි.

එම ඇස් පරීක්ෂාව ද රෝහල් මට්ටමින් සිදු කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලන ලෙස ද එහි දී නිලධාරීන්ට දැනුම් දී තිබේ.

රටේ පුරවැසියන් අනවශ්‍ය නීති මගින් සහ අවසර ගැනීම්වලින් බැඳ දැමීම රටේ දියුණුවට බාධාවක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම තීන්දු තීරණ ජනාධිපතිවරයා ගනු ලැබුවේ මගී ප්‍රවාහන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමග ඊයේ (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස