ආණ්ඩුවට මිස කිසිවකුට සෙතක් නැති කාබන් බද්ද ගැන අගමැතිට කියනවා – අමාත්‍ය අශෝක් අබේසිංහ

January 17, 2019 at 2:25 pm | by admin

ඉකුත් පළමුවැනිදා සිට රජය විසින් ක්‍රියාත්මක කර ඇති රථවාහන සඳහා වූ කාබන් බද්ද සම්බන්ධයෙන් වාහන හිමියන්ට කිසියම් සහනයක් සලසාදීමට ඇති හැකියාව පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කරයි. රථවාහන කාබන් බද්ද නිසා තමන්ට මුහුණපෑමට සිදුවන දුෂ්කරතා ගැන වාහන හිමියන් තමන් වෙත කරුණු දක්වා ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙම කාබන් බද්ද හේතුවෙන් වාහන හිමියන්ට හෝ පරිසරයට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන බව පෙන්වා දෙන වාහන හිමියෝ මෙරට භාවිත වන මිලියන 7ක් පමණ වූ වාහන ප්‍රමාණයෙන් බහුතරයක් වසර දහය ඉක්ම වූ ඒවා බැවින් කාබන් බද්ද ලෙස ඉතා අධික මුදලක් වාර්ෂිකව ගෙවීමට සිදුවීම දැඩි අසාධාරණයක් බව ද පෙන්වා දෙයි. මේ අතර 2019 වසර සඳහාද රථවාහන කාබන් බද්ද ගෙවීම 2020 ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ අවස්ථාව දක්වා සහන කාලයක් ලබාදී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස