වාහන පර්මිට් ඇපයට තබාගෙන මන්ත්‍රීලා ලක්ෂ 30-40 අරන්! මෛත්‍රීගේ තීන්දුව නිසා පිරිස අලි අමාරුවක වැටෙයි!

September 18, 2019 at 11:40 am | by emanisa.lk

හිටපු පළාත් සභා මැති ඇමතිවරුන් තමන්ට ලැබෙන්න නියමිත වාහන බලපත්‍රය ඇපයට තබා වාහන සේල් හිමියන්ගෙන් ලක්ෂ 30-40 ණයට ගෙන ඇතැයි වාර්තා වෙයි.

කෙසේ වුවද ජනාධිපතිවරයා විසින් දිගින් දිගටම ඔවුන්ට ලැබිය යුතු ඇමරිකානු ඩොලර් 35000ක් වටිනා වාහන බලපත්‍රය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා පිරිස බලවත් අපහසුතාවට පත්ව තිබේ.

ඊයේ (17) දිනයේ ද ඇමති වජිර අබේවර්ධන මේ සඳහා කැබිනට් අනුමැතිය ගැනීමට නැවත උත්සාහ කළ අතර ඊට ජනාධිපතිවරයා විරුද්ධ වූයේ තරමක කේන්තියෙනි.

‘මේ වගේ යෝජනා නැවත ගේන්න එපා… මීට වඩා වැදගත් වැඩ තියෙනවනෙ අපිට… අනික දැන් මේගොල්ලො සභාවෙ ඇත්තෙත් නෑ…’යැයි හෙතෙම පැවසීය.

හිටපු පළාත් සභා මන්ත්‍රීවරු 418කට මෙම වාහන බලපත්‍රය ලැබීමට නියමිත අතර උතුරු පළාත් සභාවේ පිරිසට මීට පෙර එය ලබා දී තිබිණි.

කෙසේ වුවද වාහන බලපත්‍රයක් නිසා ලක්ෂ ගණනින් රටට ණය වූ මන්ත්‍රීවරු මේ වන විට ඇමති වජිරට වැඳ වැටෙමින් පිං සෙන්ඩු වෙමින් ඔහු පසුපස එන බව වාර්තා වෙයි.

මෙම වාහන බලපත්‍ර ලබා දී මගින් එජාප රනිල් පාර්ශවය යම් දේශපාලන වාසියක් ලබා ගැනීමේ උත්සාහයක නිරත වන බවට ද අදහස් පළ වී ඇති අතර සජිත් පාර්ශවයේ මංගල සමරවීර ද දිගින් දිගටම මෙම වාහන බලපත්‍ර ලබා දීමට එරෙහි වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස