හිටපු පළාත් සභා මැති ඇමතිවරුන්ට වාහන බලපත්‍ර 418ක් ලබා දීමේ වජිරගේ යෝජනාවට මංගල එරෙහි වෙයි!

September 4, 2019 at 10:33 am | by emanisa.lk

පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන් 418 දෙනෙකුට තීරුබදු සහන යටතේ වාහන ආනයනය සඳහා බලපත්‍ර නිකුත් කිරිමට අනුමැතිය ඉල්ලා පළාත් සභා හා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන විසින් ඊයේ (3) පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලද යෝජනාවට මුදල් ඇමැති මංගල සමරවීර විරුද්ධ වී ඇතැයි ද රජයේ ආරංචි මාර්ග පවසයි.

ඒ හේතුවෙන් යෝජනාව සාකච්ඡාවට ගැනීම පසුවට කල් දැමුණු බවද වාර්තා වෙයි.

පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට ඇමෙරිකානු ඩොලර් 35,000 ක උපරිමයකට යටත්ව තීරුබදු සහන යටතේ වාහන ආනයනය කිරිම සඳහා එම යෝජනාවෙන් ඉල්ලීමක් කර තිබිණි.

අදාළ යෝජනාව ඇතුළත් කැබිනට් සංදේශය ඉදිරිපත් කරමින් ඇමැති වජිර අබේවර්ධන මහතා සඳහන් කර ඇත්තේ උතුරු පළාත් සභාවේ හැර අනෙකුත් පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයනය කිරීමට අවසර දෙන ලෙසය.

උතුරු පළාත් සභාවේ මැති ඇමැතිවරුන් 37 දෙනාට තීරු බදු සහන යටතේ වාහන ආනයනය සඳහා මීට පෙර බලපත්‍ර ලබාදී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස