වරාය නැ. පර්යන්තය කිසිවෙකුට දියයුතු නෑ! රජය මගින් දියුණු කළ යුතුයි! – විමල්

December 22, 2020 at 1:39 pm | by emanisa.lk

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය විකුණා දැමීමට හෝ පෞද්ගලික ආයෝජකයකු සමග එකතු වී දියුණු කිරීම සම්බන්ධ කිසිදු කැබිනට් පත්‍රිකාවක් මෙතෙක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවූ බව ඇමැති විමල් වීරවංශ පවසයි.

එසේ ම නැඟෙනහිර පර්යන්තය කිසිසේත් පෞද්ගලික අංශයට ලබා නොදිය යුතු බවත් එය රජය මගින් දියුණු කළ යුතු බවත් තමන්ගේ අදහස යැයි ද ඇමැතිවරයා සඳහන් කළේ ය.

කොළඹ වරාය නැඟෙනහිර පර්යන්තය ඉන්දියානු ආයෝජකයකු සමග දියුණු කිරීමට ආයෝජන ගිවිසුමකට අනුමැතිය ලබා දීම සම්බන්ධ පුවත් පිළිබඳ විමසීමේ දී ඔහු මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස