එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමඟි ජන බලවේගය කුමන ලකුණකින් මහ මැතිවරණයට තරග කළ ද පාර්ලිමේන්තුව තුළ ඔවුන්ට හිමිවන්නේ ආසන 50කට අඩු සංඛ්‍යාවක් බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ බත්තරමුල්ල ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
“අද එක්සත් ජාතික පක්ෂය තුළ ලකුණ සම්බන්ධයෙන් විශාල අර්බුදයක් හටගෙන තිබෙනවා. මෙවන් අර්බුදයක් තුළ ඉදිරි මැතිවරණයකට තරග කරන්නේ කෙසේද යන්න රටේ ජනතාවට ගැටලුවක්.
අස්ථාවර දේශපාලන පක්ෂයක් මැතිවරණයකට තරග කිරිමෙන් අත්වන ඉරණම බොහෝම පැහැදිලියි. අපට ලැබී ඇති තොරතුරුවලට අනුව යහපාලනආණ්ඩුව විසින් ඇති කළ බොහෝ සංවර්ධන වැඩසටහන් අදාළ මුල්‍ය ප‍්‍රතිපාදන නොමැතිකමින් ඇණහිට තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය විසින් පසුගිය කාලය පුරාවටම සිදුකර ඇත්තේ රට විනාශ කරමින්, බෙදුම්වාදයට මුල පිරිමක් බව කිව යුතුයි.”