ලංකා IOC පෙට්‍රල් මිල වැඩි කළේ 2003 ගිවිසුමක් යොදාගෙන! වහාම ගිවිසුම සංශෝධනය කරනවා! – මහින්ද අමරවීර

May 22, 2020 at 2:54 pm | by emanisa.lk

ලංකා IOC සමාගම පෙට්‍රල් මිල ඉහළ නැංවූයේ 2003 එවක එජාප ආණ්ඩුවේ ඛනිජ තෙල් ඇමතිවරයා සමග අත්සන් කළ ගිවිසුමක් පදනම් කරගෙන බවත් එය සංශෝධනය කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මෙම මිල ඉහළ නැංවීම පිළිබඳ LIOC සමාගම ඊයේ (21) ඇමතිවරයා සමග සාකච්ඡාවක් පවත්වා තිබේ. මේ අතර ඇමතිවරයා කිසිදු ආකාරයක තෙල් මිල වැඩි කිරීමක් නොකරන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවට උපදෙස් දී තිබේ.

ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ යාම මත ආණ්ඩුව පැන වූ විශේෂ බද්දක් නිසා මෙම මිල ඉහළ නැංවීම සිදුකරන බව සඳහන් කළ ද ඩීසල් අලෙවිය මගින් එම සමාගම විශාල වශයෙන් ලාභ ලබන බව සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව