ලංකාවේ හැදූ කාර් එක ලියාපදිංචි නොකර අවුරුදු 4ක් ගරාජයේ දිරයි! පිට රටින් කාර් ලක්ෂ 03ක් රටට ගෙනෙයි! (photos)

April 12, 2020 at 11:39 am | by emanisa.lk

එන්ජින් ධාරිතාව 600 cc ප්‍රමාණයේ, වේග 5ක ගියර් පද්ධතියක් සහිත, සිව් දෙනෙකුට ගමන් කළ හැකි මෝටර් රථයක් ලංකාවේ නිපදවා තිබේ.

ශානක දිසානායක විසින් නිපදවන ලද මෙම මෝටර් රථය අවුරුදු 04ක් තිස්සේ ගරාජයක නතර කර තිබේ. ඒ මෙරට නිෂ්පාදිත මෝටර් රථයක් ලියාපදිංචි කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ක්‍රමවේදයක් නොමැති නිසාය.

පරීක්ෂණ ධාවන කටයුතු සඳහා හෝ එයට අවසර ලබා දෙන්නේ නම් මෙම මෝටර් රථය තවත් වැඩි දියුණු කළ හැකි බව නිෂ්පාදකයා පවසයි. මේ සඳහා රු. ලක්ෂ 9ක් පමණ වැය වී තිබේ.

2018 වසරේ දී 80,776 ක්, 2017 වසරේ දී 39,182 ක්, 2016 වසරේ දී 45,172 ක් සහ 2015 වසරේ දී 105,628 ක් ආදී වශයෙන් පසුගිය වසර හතර තුළ පමණක් අලුත් මෝටර් රථ 270,758 ක් මෙරට ලියාපදිංචි කර ඇති අතර ලංකාවේ නිෂ්පාදිත මෙම මෝටර් රථය වෙළෙඳපොළට ගෙන ඒමට මෙයට වසර තුන හතරකට පෙර වගකිවයුත්තන් ක්‍රියාත්මක වී තිබුණේ නම්, ආනයනික මෝටර් රථ සඳහා වැය කරන අති විශාල මුදල ක්‍රමයෙන් අඩු කර ගැනීමට හැකියාව තිබුණි.

කෙසේ වුවද ඉන්දියාව, ජපානය ඇතුළු රටවලට මෝටර් රථ ආනයනයට ඇදී යන දැවැන්ත මුදල ඉතිරි කර ගැනීමටත්, සෘජු හා වක්‍ර රැකියා සිය දහස් ගණනක් උත්පාදනය කිරීමටත් ශානක දසනායකගේ මෝටර් රථය වෙළෙඳපොළට ගෙන ඒමට කටයුතු කිරීමෙන් හැකියාව තිබේ.

– ප්‍රබෝධිත් ධර්මාජීව –
කැඳවුම්කරු,
නව නිපැයුම් ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරය

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස