ඊයේ (13) මෙ රටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50 000 සීමාව ඉක්මවා තිබේ. ඒ ඊයේ දිනයේදී නව කොවිඩ් ආසාදිතයින් 692ක් වාර්තා වීමත් සමග ය. මේ වන විට සමස්ත ආසාදිතයින් ගණන 50 229ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වන විට වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 6,718ක් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 43,267කි.
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්තිය ඇරඹුණු කොරෝනා දෙවන රැල්ලෙන් මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 46,457ක් වෙයි.