අදත් කොරේනා ආසාදිතයන් 595කට සුවයි! සුවපත් පිරිස 8880 දක්වා ඉහළට!

November 9, 2020 at 4:20 pm | by emanisa.lk

අද (09) උදෑසන වන විට තවත් කොරෝනා ආසාදිතයින් 595 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 8,880ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ (08) දිනය තුළ මෙ රටින් නව ආසාදිතයින් 510ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 13 929ක් දක්වා ඉහළ ගියේ ය.

මේ අතර දිවයින් පුරා රෝහල් කිහිපයක ආසාදිතයින් 5 014 දෙනෙක් මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටී. මේ වන විට සුවය ලැබූ සම්පූර්ණ පිරිස 8880කි. එය ප්‍රතිශතයක් ලෙස 64%කට ආසන්න ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *