අපේ මරණ ගණන අඩු අපි නිපද වූ වේදනා නාශක නිසායි! – කොරෝනා ආසාදිතයන් 81ක් මිය ගිය කියුබාව කියයි…

May 25, 2020 at 1:47 pm | by emanisa.lk

කියුබාවේ කොරෝනා මරණ අවම වීමේ රහස වනුයේ කොරෝනා ආසාදනය වී බරපතළ තත්ත්වයේ පසුවන පුද්ගලයින්ගේ අධික වේදනාව සමනය කළ හැකි ඖෂධ දෙකක් නිපදවීම යැයි කියුබා රජය කියයි.

එම ඖෂධ නිපදවීමට සිය ජෛව තාක්ෂණ කර්මාන්තය සමත් වී ඇති බව කියුබාව වැඩි දුරටත් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් රට තුළ කොරෝනා මරණ අඩු මට්ටමක පවත්වා ගැනීමට හැකි වී ඇති බවයි.

මේවන විට කියුබාවෙන් කොරෝනා මරණ 81 ක් වාර්තා වන අතර සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2000කට ආසන්න වේ. ඒ අතරින් 1600 කට අධික සංඛ්‍යාවක් සුවය ලබා තිබීම විශේෂත්වයකි.

කෙසේ වුවද ලංකාවේ මෙතෙක් වාර්තා වී ඇත්තේ රෝගීන් 1141ක් වන අතර මිය ගිය ආසාදිතයන් ගණන 9කි. සුවපත් පිරිස 674කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස