අද දින කොරෝනා මරණ 05ක්! නව ආසාදිතයන් 625ක්! සුවපත් පිරිස 646ක්!

November 11, 2020 at 10:43 pm | by emanisa.lk

කොරෝනා ආසාදනය වීමෙන් මරණ 05ක් සිදු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

අද දින මයෙට පෙර මරණ 04ක් වාර්තා වූ අතර 46 වැනියා ලෙස මරුමුවට පත්ව ඇත්තේ ඉඹුල්ගොඩ පදිංචි 48 තුන් හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබේ. මෙම පුද්ගලයා මිය යෑමෙන් පසු සිදුකරන ලද පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිත යැයි හෙළි වී ඇත.

මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ කොරෝනා ආසාදනය වීමෙන් පසු ලියුකේමියා රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් ස්වසන පද්ධතිය ඇති වූ සංකූලතාය.

අද දිනය ඇතුළත තවත් කොරෝනා ආසාදිතයන් 625 දෙනෙකු හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. අද දින පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිට වූ පිරිස 646කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස