ලංකාවෙි නිපද වූ ICU සාමිපල් ඇඳට නිල අනුමැතිය! වාණිජ වශයෙන් නිපදවන්න සූදානම්!

April 3, 2020 at 5:12 pm | by emanisa.lk

මුල් වරට ශ්‍රී ලංකාවේ නිපද වූ රෝහල් දැඩි සත්කාර ඒකකයන්ට අවශ්‍ය ඇඳන් සඳහා වූ සාම්පලයට අවශ්‍ය නිල සෞඛ්‍ය අංශ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව එම ඇඳන් වාණිජ වශයෙන් නිපදවීම අද ආරම්භ කර ඇත..

මීගමුව, කට්‍ටුව පිහිටි රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් ආයතනය තම නිෂ්පාදනාගාරයේදී මේ ඇඳන් නිපදවීමට මුල පිරුවේ කොරෝනා වසංගතයට රටක් ලෙස මුහුණ දීමටය.

ඒ මෙරට සෞඛ්‍ය පද්ධතිය මුහුණ දෙන බරපතලම ගැටළුවක් වන ‘දැඩි සත්කාර ඇඳන් හිඟවීම’ට කඩිනම් පිළියමක් සෙවීම සඳහා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශගේ මැදිහත් වීමේ ප්‍රතිපලයක් ලෙසය..

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්ධනගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ඇඳ නිර්මණය කිරීම රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් ආයතන ඉන්ජිනේරු අංශය මගින් සිදු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස