රිෂාඩ් අත්අඩංගුවට ගන්න නීතිපතිගෙන් නියෝග! අධිකරණය වරෙන්තු නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරයි!

October 13, 2020 at 3:32 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නියෝගයක් ලබාගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් නීතිඥ නිශාරා ජයරත්න මේ ප්‍රකාශ කළාය.

2019 වසරේ ජනාධිපතිවරණයේ දී ලංගම බස් රථවලින් ජන්ද දායකයින් ප්‍රවාහන කිරීමේ චෝදනාව මත මෙලෙස හිටපු ඇමතිවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කොට තිබේ.

මේ අතර රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටිය ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ සඳහන් කළේ මෙම චෝදනා සම්බන්ධයෙන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි බවය. නඩුවේ මෙම මස 27 වෙනිදා යළි කැඳවීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස