පාස්කු ප්‍රහාරයට රියාද් සම්බන්ධ බවට සාක්ෂි නෑ! මුදා හැරියේ ඒ නිසායි! – ඇමති චමල්

October 6, 2020 at 4:40 pm | by emanisa.lk

රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් පාස්කු ඉරු දින ත්‍රස්තවාදී ප්‍රහාරයට ඍජුව ම සම්බන්ධයක් ඇති බවට මෙතෙක් අනාවරණය වී නොමැති නිසා ඔහු නිදහස් කළ බව නීතිය හා සාමය කටයුතු පිළිබඳ අමාත්‍ය චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

රියාජ් බදියුදීන් නිදහස් කළා යැයි සඳහන් කළාට සිදුව තිබෙන්නේ ඔහු මුදා හැරීමක් පමණක් බව ද ඒ පිළිබඳ විමර්ශන තවදුරටත් සිදු කරන බවද අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව ඉදිරියේදී මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය

රියාජ් බදියුදීන් මානව හිමිකම් නඩුවක් පැවරුවේ නම් මේ වන විටත් ඔහු ඇප ලබා ගෙන අවසන් බවද ඇමැතිවරයා පෙන්වා දෙන ලදී.

කෙසේ වෙතත් රියාජ් බදියුදීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පත්කර තිබෙන නව නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ විමර්ශන සිදුකරන බව මෙතෙම අවධාරණය කළේය.

චමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *