රිෂාඩ් වව්නියාවෙදි ආණ්ඩුවට සෙට් වෙයි!

October 1, 2020 at 6:22 pm | by emanisa.lk

වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය, නව ශ්‍රවණාගාරය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (01) පැවැති අතර ඊට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ද එක්ව සිටීම විශේෂ සිදුවීමක් විය.

ආණ්ඩුව 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති මේ මොහොතේ ඊට සහාය දැක්වීම සඳහා විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් 20ක් එක්වන බවට ප්‍රකාශ නිකුත් වන පසුබිමක මෙම හමුව විශේෂ එකක් බවට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙමින් තිබේ.

මෙහි දී ඇමති චමල් රාජපක්ෂ සහ රිෂාඩ් බදියුදීන් ඉතා ම සුහද ලෙස කතාබහ කරනු දැකගත හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස