වංචා දූෂණ එක එළියට! රාජිතට පසු මංගල CIDයට!

May 14, 2020 at 2:07 pm | by emanisa.lk

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (14) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

පුත්තලමේ අවතැන් වු ජනතාවට පසුගිය ජනාධිපතිවරණ සමයේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා බස් රථ 22 මගින් පුත්තලමේ සිට මන්නාරම දක්වා රැගෙන යාමට රුපියල් ලක්ෂ 95ක් රජයේ මුදලක් ගෙවීමට අනුමැතිය ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා CIDයට කැඳවා ඇත.

අද පස්වරු 1.45 ට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඇමති රිෂාඩ් බදියුදීන් අදාළ කටයුත්ත සඳහා මැදිහත් වී ඇති අතර ඔහු ප්‍රකාශ කළේ බස් සඳහා බස් ලබා දුන්නේ එවක මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ අනුදැනුම මත බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස