රාජිත හොරෙක් නෙමේ මගේ සටන් සඟයෙක්! ආණ්ඩුව පාණ්ඩුවක් කරගන්න හදන්න එපා! – මුරුත්තෙට්ටුවේ හිමි

January 1, 2020 at 1:57 pm | by emanisa.lk

හිටපු ඇමැති රාජිත සේනාරත්න හොරෙක් හෝ මංකොල්ලකාරයෙක් නොවන බව නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

රාජිත සේනාරත්නගේ සුවදුක් බැලීමට තමන් වහන්සේ ඔහු නේවාසිකව සිටින රෝහල වෙත ගියේ මනුෂ්‍යත්වය සලකා බවද උන්වහන්සේ සඳහන් පැවසූහ.

1986 වසරේ දී ජේ.ආර්. ජයවර්ධනට එරෙහිව සටන් කිරීමට රාජිත සේනාරත්න තමන්ට මහත් වූ සහයෝගයක් ලබා දුන් බව ද එහිමියන් සිහිපත් කළහ. එදා වේදිකාවේ වීරයකු ලෙස හැසිරුණ ද මේ වන විට රාජිත ඇමතිවරයා යම් පසුබෑමක සිටින බව ද මරණ දඬුවම ලත් අයකුට වුව භික්ෂූන් වහන්සේලා ගොස් බණක් කියා පිරිත් නූලක් බැඳ එන බව ද එහිමියන් පෙන්වා දුන්හ.

තමන් ගිය ගමනට විරුද්ධව මඩ ප්‍රහාර එල්ල කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් බවද එහිමියන් පැවසූහ.

ඊට හේතු වී ඇත්තේ එම සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කිරීමට තිබූ සූදානම තමන් වහන්සේ විරුද්ධ වී නවතා දැමීම නිසා බව ද උන්වහන්සේ සඳහන් කළහ.

ඕනෑම පුද්ගලයෙකුට චෝදනාවක් ඇත්නම් ඒවා නිසි ලෙස විභාග කර නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් එසේ නැතිව පෙර පැවති ආණ්ඩුව මෙන් මේ ආණ්ඩුවද පාණ්ඩුවක් කර නොගන්නා ලෙසද තමන් ඉල්ලා සිටින බව උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

තමනට එල්ල වී ඇති චෝදනා ගැන පැහැදිලි කිරීමට මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මෙම අදහස් පල කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස