රාජ්‍ය නිලධාරිනියන්ට සාරි හෝ ඔසරි පමණයි! විශේෂ චක්‍රලේඛයක් නිකුත් වෙයි!

May 31, 2019 at 4:06 pm | by admin

සියලුම රාජ්‍ය ආයතනවල සෑම කාන්තා නිලධාරිනියක්ම සාරිය හෝ ඔසරිය පමණක් හැඳ රාජකාරියට පැමිණිය යුතු බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් මගින් සෑම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තුමේන්තු ප්‍රධානින්ට දන්වා තිබේ.

සියලු පිරිමි නිලධාරීන් කලිසම කමිසය හෝ ජාතික ඇඳුම හැඳිය යුතු අතර කිසියම් කාන්තා නිලධාරිනියකට සිය ආගමික අනන්‍යතාව ප්‍රදර්ශනය කිරීමට උවමනා නම් සාරිය හැඳ මුහුණ මැනවින් ප්‍රදර්ශනය වන පරිදි අතිරේඛ පැළඳුමක් භාවිත කිරීමට ද හැකි බව එහි දැක්වේ.

මෙම තීන්දුව ගෙන ඇත්තේ රජයට අයත් සියලුම කාර්යාල පරිශ්‍රවල ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශ ලේකම්වරයා එම ලිපියේ ශීර්ෂ පාඨයේ සඳහන් කර ඇත.

1989.2.1 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 8/ 89 අමතරව සියලුම රාජ්‍ය නිළධාරින්ට අදාළ වන පරිදි මෙම චක්‍ර ලේඛනය නිකුත් කර තිබේ.

එය 2019.4.29 දින නිකුත් කරන ලද අංක 2121/1 සහ 2019.5.13 දින නිකුත් කරන ලද අංක 2123 / 4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කර නිකුත් කළ බවත් මෙම නියෝග සියලුම රාජ්‍ය ආයතන තරයේ පිළිපදින ලෙසත් දන්වා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස