රාජ්‍ය ආයතන සඳහා දේශීය උළු විතරයි! ජනපතිගේ රට නංවන තවත් තීන්දුවක්!

February 14, 2020 at 8:59 am | by emanisa.lk

රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන සියලු නිවාස ව්‍යාපෘති සඳහා දේශීය උළු පමණක් යොදාගැනීමට නියමිත බව නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත ගෙන තිබෙන මෙම තීරණය අනූව ඉදිකිරීමට නියමිත නිවාස 14,022ක් සඳහා දේශීය උළු සෙවිළි කෙරෙන බව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක දුෂ්‍යන්ත අද (13) ප්‍රකාශ කළේය.

බිඳවැටී තිබෙන දේශීය උළු කර්මාන්තය නගා සිටුවීම සහ ජනතාවට හොඳ වාතාශ්‍රයක් ලබාදීම මේ හරහා අපේක්ෂා කරන බව ද රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහතා සඳහන් කළේය.

එමෙන්ම මෙම තීරණය හරහා බිඳවැටී තිබෙන උළු කර්මාන්තය යළි ශක්තිමත් වන අතර අලුතින් රැකියා අවස්ථා ද උත්පාදනය වන බව ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස