රනිල් සජිත් එකතු වුණා නම් රාජපක්ෂලා පරාද කරන්න පුළුවන්! – ජවිපෙ !

March 7, 2020 at 10:34 am | by emanisa.lk

මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇත්තේ ඩීල් දේශපාලනයක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න පවසයි.

බදුල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විද්‍යාරත්න පවසා සිටියේ, කාලයක් පුරා එක්සත් ජාතික පක්ෂය කණ්ඩායම් දෙකකට බෙදී ඇති බවයි.

ඒ අනුව ඔවුන් අද වන විට පක්ෂයක් ලෙස බිඳ වැටී ඇතැයි ද පැවසු ඒ මහතා, සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ අතර ඇති වෛරය ආත්ම ගණනක සිට ගෙන එන ආකාරයක් දක්නට ලැබෙන බවයි.

මොවුන් දෙපල රාජපක්ෂවරුන්ට පාවඩ එළීම ආරම්භ කරනු ලැබුවේ අද ඊයේ නොවන බවත් පැවසු විද්‍යාරත්න, රාජපක්ෂවරු පැරදවීමට නොහැකි ප්‍රශ්නයක් මෙහි නැතැයි ද පැවසීය.

රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ අතර ආදරයක් ඇති බවත් පැවසු හෙතෙම,  එය ඇතැමුන් නොදන්නා සේ සිටින බවත් කියා සිටියේය.

රවී කරුණානායක අත්අඩංගුවට ගැනීමට සුදානම් වීම සෝබන වැඩැක් යැයි පැවසු ඔහු, මැතිවරණය ළං වී ඇති නිසා ඔවුන් කථා කර  “රවී ගිහින් එනවා විතරයි“ යනුවෙන් ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස