රනිල්ට ඕන නම් මාව නායකයා කරන්න පුළුවන්! මම හොඳ යාවජීව යූඇන්පීකාරයෙක්! – රනිල්ට එරෙහිව හිටපු කතානායකගෙන් ප්‍රකාශයක්…

August 26, 2020 at 5:54 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඊයේ (25) පැවති රැස්වීමේදී කරූ ජයසූරිය පිළිබදව පදනම් විරහිතව හා හාස්‍යජනක ප්‍රකාශ දෙකක් සිදුකොට ඇතැයි ඔහුගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙකු නොවන හිටපු කථානායකවරයාව පක්ෂ නායකත්වයට පත්කිරීමෙහි ලා නීතිමය බාධාවක් පවතින බවට එහිදී සඳහන් කර ඇතැත් පක්ෂ ව්‍යවස්ථාව අනුව හා සැබෑ අවශ්‍යතාවක් ඇත්නම්, එයට කිසිදු ආකාරයක නීතිමය බාධාවක් නොමැති බව නීතී විශාරදයින්ගේ මතය බවද මාධ්‍ය අංශය සඳහන් කරයි.

එසේම කරූ ජයසූරිය එජාපයේ සාමාජිකයෙකු නොවන බවට එම රැස්වීමේදී සඳහන් කර ඇතැත් එයද පක්ෂ සාමාජිකත්ව ව්‍යුහය පිළිබඳව අවබෝධයකින් තොරව කරන ලද පදනම් විරහිත හාස්‍යජනක ප්‍රකාශයක් බවත් මාධ්‍ය අංශය පවසයි.

මින් වසර 20කට පෙර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ කරූ ජයසූරිය එක්ව ආරම්භ කළ 1000එම් යාවජීව සාමාජිකත්වය ලබාගෙන ඇති තමාගේ පක්ෂ සාමාජිකත්වය අඛණ්ඩව බලපැවැත්වෙන බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධුරයට සමුදුන් වහාම 2020 අගෝස්තු 21 වන දින පක්ෂයේ සක්‍රීය සාමාජිකත්වය පිණිස වාර්ෂික පක්ෂ සාමාජිකත්වය සඳහාද අයදුම් කළ කරූ ජයසූරිය මේ වන විට 2020 වර්ෂය සඳහා පක්ෂ සාමාජිකත්වයද ලබාගෙන ඇති බවත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස