රතන හිමි සහ ඥානසාර හිමි මන්ත්‍රීකම දෙකට බෙදාගන්න! ලේකම් වේදිනිගම හිමියන්ගෙන් යෝජනාවක්…

August 16, 2020 at 12:04 am | by emanisa.lk

තමා පාර්ලිමේන්තුවට යන්නේ ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට පාර්ලිමේන්තු යාමට විවරණ දීමට බව අපේ ජනබල පක්ෂයේ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමි පවසයි.

කිසියම් පිරිසක් එම මන්ත්‍රී ධුරය විකිණීමට උත්සාහ කරන බවත් එය ආරක්ෂා කර දීම පක්ෂයේ ලේකම් ලෙස තමන්ගේ වගකීම බවත් එහිමියන් පෙන්වා දෙති.

ජාතික ලැයිස්තුවේ නම නොමැති නිසා ඥානසාර හිමියන්ට පළමුවර පාර්ලිමේන්තු යාමට නොහැකි බවත් තමා සහ රතන හිමි අතර ඇති එකඟතා ගිවිසුම අනුව රතන හිමියන්ගේ අනුමැතිය නොමැතිව කිසිවෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය ලබාදිය නොහැකි බවත් වේදිනිගම හිමි සඳහන් කරයි.

සියල්ල අතහැර සිටින තමන්ට මන්ත්‍රි ධුරයෙන් පළක් නොමැති බවත් ඥානසාර හිමි සහ රතන හිමි සාකච්ඡා කර වසර දෙක බැගින් පාර්ලිමේන්තු ගොස් සිය යුතුකම ඉටු කළ යුතු බවත් එහිමියන් අවධාරණය කරති.

හිරු රූපවාහිනි වැඩසටහනකට එකතු වෙමින් වේදිනිගම විමලතිස්ස හිමි මෙම අදහස් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *