රණවිරු සමරුවට හිටපු හමුදාපති ෆොන්සේකාට ඇරයුම්! ඇරයුම ඉවත දැමූ හිටපු හමුදාපති රාජිත වෙනුවෙන් උද්ඝෝෂණයක!

May 20, 2020 at 1:28 pm | by emanisa.lk

ඊයේ (19) දින කොළඹ දී පැවැති විජයග්‍රහණය සමරුව වෙනුවෙන් එවකට යුද හමුදාව සඳහා නායකත්වය දුන් වත්මන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ආරාධනා කළ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

ජනාධිපති ගෝටාභය රාජපක්ෂගේ උපදෙස් මත ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විසින් එම ආරාධනාව කරන ලද බව ද ඔහු පැවසීය.

නමුත් සරත් ෆොන්සේකා තමන් අමතා කලින් යොදාගත් වෙනත් විශේෂ රාජකාරියකට යාමට නියමිත නිසා තමනට විජයග්‍රහණ සමුළුව වෙනුවෙන් සහභාගී වීමට නොහැකි බව ෆොන්සේකා දන්වා තිබේ.

2009 වසරේ යුද්ධය අවසන් කිරීම සඳහා යුද හමුදාවට නායකත්වය දුන් සරත් ෆොන්සේකා කිසිසේත්ම අමතක කර නැති බවත් ඔහුද ඒ සඳහා විශාල කාර්යභාරයක් කළ අයකු බවත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

කෙසේ නමුත් සරත් ෆොන්සේකා විජයග‍්‍රහණයේ සමරුව වෙනුවට ඊයේ පස්වරුවේ කළුතරදී පැවති විරෝධතාවකට එකතු විය. බන්ධනාගාර ගතකර සිටින රාජිත සේනාරත්න නිදහස් කරන ලෙස බලකරමින් මෙම විරෝධතාව පැවැත්විය. නිරෝධායන නීති පවා උල්ලංඝනය කරමින් එය පැවැත්වීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස