අභූත චෝදනා නඟා සිරගත කළ හිටපු නේවි මාධ්‍ය ප්‍රකාශයට උසස් වීමක්!

October 1, 2019 at 7:24 am | by emanisa.lk

නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙක් මෙන්ම යුදමය කාලසීමාවේදී විවිධ තනතුරු දරමින් ත්‍රස්තවාදය තුරන් කිරීම වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් කළ නාවික හමුදාවේ කොමදෝරු ඩී.කේ.පී. දසනායක රියර් අද්මිරල් ධුරයට උසස් කර තිබේ

ඔහු එම ධුරයේ උසස් කිරීමට අදාළ නිර්දේශ ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් නාවික හමුදා මූලස්ථානය වෙත යොමුකර තිබේ.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ඔහු රියර් අද්මිරල්ධුරයට උසස් කෙරෙනු ඇත.

තරුණයන් දහ දෙනෙකු අතුරුදන් කිරීමේ අභූත චෝදනාවක් පදනම් කරගෙන මොහු ද පසුගිය සමයේ අත්අඩංගුවට ගෙන සිරගත කර තිබිණි.

ජනාධිපතිවරයා විසින් පසුගිය සමයේ මෙවැනි නිවැරදි කිරීම් කිහිපයක් සිදුකිරීමට කටයුතු කරන ලදි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස