රට පුරා ඉන්ධන හිඟයක් මවන සැලසුමක්! ඉන්ධන හැංගුවොත් බලපත්‍ර අහෝසියි!

March 13, 2020 at 5:19 pm | by emanisa.lk

ඉන්ධන සැඟවීමට උත්සාහ කළහොත් ඉන්ධන අලෙවි බලපත්‍රය වහාම අහෝසි කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

කිසියම් පිරිසක් කෘත්‍රිමව ඉන්ධන හිඟයක් මවාපෑමට කටයුතු කරමින් සිටින අතර ඒ හේතුවෙන් ඉන්ධන අලෙවිසැල් ඉදිරිපිට වාහන පෝලිම් දැකගත හැකිය.

කෙසේ වුවද මේ වනවිට දිවයිනේ කිසිදු ඉන්ධන හිගයක් නැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරමින් පෙන්වා දෙයි.

මෙවන් තත්ත්වයක් යටතේ ඉන්ධන තොග සඟවා ගනිමින් ඉන්ධන හිඟයක් මවාපෑමට කටයුතු කරන්නේ නම් ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කරන ලෙසට අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව