රටේ පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීමයි! සංවර්ධන පිම්මකට ආකල්පමය වෙනසක් ඕන! – ජනපති

September 18, 2020 at 11:57 am | by emanisa.lk

තම නිරීක්ෂණයට අනුව රටේ ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම ක්‍රියාකාරිත්වය මන්දගාමී වීම කනගාටුවට කරුණක් බවය. කොළඹ නගරයේ සහ තදාසන්න නගර කිහිපයක සිදු කෙරෙමින් පවතින ඉදිකිරීම් සුපුරුදු ලෙස එකම මට්ටමක තිබීම ඊට නිදසුනක් බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

වැඩ ආරම්භ කර ඇති සියලු ඉදිකිරීම් කඩිනමින් නිම කළයුතු අතර ආකල්පමය වෙනසක් සමග සංවර්ධන පෙරළියකට සුදානම් විය යුතු බවට ජනාධිපතිවරයා එහිදි සඳහන් කර ඇත.

රටේ සියලු ඉදිකිරීම් සඳහා රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයම සහභාගී කරවා ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දි තිබේ.

උතුරු පළාතේ සුබසාධන කඳවුරු 22ක වෙසෙන අවතැන් වූ පවුල් 409ක් සඳහා නිවාස ඉදිකර නැවත පදිංචි කරවීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් ලබා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස