රටේ නීතිය අපරාධකරුවන් අතට ගනී! වැලිකඩ ප්‍රධාන ජේරල්වරයා තුවක්කුකරුවන්ට බිලි වෙයි!

August 3, 2019 at 10:32 pm | by emanisa.lk

වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු අංශයේ ප්‍රධාන ජේලර්වරයාට අද (03) සවස 6ට පමණ අම්බලන්ගොඩ කුලීගොඩ හන්දියේදි වෙඩි තබා ඝාතනය කර තිබේ.

තිළිණ රුවන් තිහාර ජයරත්න (44) නමැති මෙම ජේලර්වරයා අද සවස සේවය නිමවා පැමිණ අම්බලන්ගොඩ දුම්රිය පලෙන් බැස යතුරු පැදියෙන් තම නිවසට යමින් සිට ඇත.

ඒ අතර යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් විසින් කුලීගොඩ හංදියේදි ඔහුට වෙඩි තබා එම ස්ථානයේම ඝාතනය කර පලාගොස් තිබේ. ජේලර්වරයාගේ සිරුර බලපිටිය රෝහලට ගෙනගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස