අභිරහස් ලෙස වෙඩි වැදුණු බෙලිඅත්ත විපක්ෂ නායක මිය යයි!

March 22, 2019 at 9:14 am | by admin

වෙඩි වැදීමක් හේතුවෙන් රෝහල්ගත කරනු ලැබූ බෙලිඅත්ත එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී, විපක්ෂනායක කපිල අමරකෝන් මහතා මියගොස් ඇත.

පසුගිය බදාදා (20) දින බෙලිඅත්ත පොලිස් වසමේ පල්අත්තර දෙබොක්කාව මොදරවාල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී වෙඩි ප්‍රහාරයකට ලක්වූ මන්ත්‍රීවරයා බරපතළ තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කරනු ලැබුණි.

වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අද අළුයම මන්ත්‍රීවරයා මියගොස් ඇති බව වාර්තා වෙයි.

කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදු කළේ ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර බෙලිඅත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි. මෙය පවුල් ආරවුලක් මත සිදු වූයේ ද එසේ නොමැති නම් වෙනත් හේතුවක් තිබේ ද යන්න පිළිබඳ පොලිස් අවධානය යොමු වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස