තණමල්විල චිකාගෝවක් වෙයි! මහ දවල් වෙඩි තබා මරයි! (video)

February 10, 2019 at 2:32 pm | by admin

අද දහවල් තණමල්විල නගරයේ බෝ ගහ අසල දී යතුරු පැදි දෙකක පැමිණි සිව් දෙනෙකු විසින් තවත් යතුරු පැදියක සිටි අයකු වෙඩි තබා ඝාතනය කොට පළා ගොස් තිබේ. මෙලෙස ඝාතනය කෙරී ඇත්තේ තණමල්විල ගාමිණිපුර පදිංචි වී සිටි සුදු හකුරු සුමිත් හෙවත් වසන්ත නමැති 42 හැවිරිදි පුද්ගලයෙකි.

මොහු මීට වසරකට පමණ පෙර තණමල්විල ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය කොට පුළුස්සා දැමීම පිළිබඳ චෝදනාවකට බන්ධනාගාර ගතව සිට ඇප ලැබූ අයෙකි. මේ වෙඩි හුවමාරුවට මැදි වූ තවත් අයකු තුවාල ලබා ඇත. එම සිද්ධිය අසල වෙළෙඳසැලක සවි කර තිබූ CCTV කැමරාවක සනිටුහන් වී තිබිණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස