රටේ ආර්ථිකය වට්ටන්න ඉඩ දෙන්නේ නෑ….! රුසියානු සංචාරක බුබුල නැවත අරඹනවා…! – උදයංග වීරතුංග…

June 1, 2021 at 3:09 pm | by emanisa.lk

එළඹෙන ජුලි මාසයේ දී රුසියානු සංචාරක බුබුල නැවත ආරම්භ කරන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසයි.

කොවිඩ් වසංගතයෙන් ජය ගන්නා අතර සංචාරක ව්‍යාපාරය ද ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතු බව ඔහු පෙන්වා දෙයි.

නො එසේ නම් සංචාරක ව්‍යාපාරයෙන් යැපෙන ලක්ෂ 03කට අධික පිරිස කුමක් සිදුවේ දැයි උදයංග වීරතුංග ප්‍රශ්න කරයි.

යන්තම් 3%ක ඡන්ද පදනමක් ඇති ජනතා විමුක්ති පෙරමුනේ අරමුණ රටේ ආර්ථිකය දුර්වල කිරීම බවට ද ඔහු චෝදනා කරයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස