මේ දවස්වල මම රුසියානු සංචාරක බුබුළක් සැලසුම් කරනවා…! – උදයංග වීරතුංග….

May 18, 2021 at 9:03 am | by emanisa.lk

සංචාරක බුබුළු ක්‍රමවේදය යටතේ යළිත් මෙරටට රුසියානු සංචාරකයින් ගෙන්වීමේ වැඩසටහනක් සැලසුම් කෙරෙමින් පවතින බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසයි.

ඩේලි නිව්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු මේ බව අනාවරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ රුසියාවේ ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම් සමග දැනටමත් මේ පිළිබඳ ව සාකච්ඡා කර ඇති බව පවසා ඇති උදයංග වීරතුංග සතියකට දෙවරක් රුසියාවේ සිට මෙරටට සංචාරකයින් රැගෙන පැමිණීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය දැනටමත් එකඟ වී ඇති බවත් ප්‍රකාශ කර තිබේ.

එසේම මෙවර තම අවධානය යොමු වී ඇත්තේ මෙරට නැගෙනහිර වෙරළ තීරය වෙතට බවත් සංචාරකයින් රැඳී සිටින ප්‍රදේශය සම්පූර්ණයෙන් ම ලොක්ඩවුන් කර විශාල සංචාරක කලාපයක් නිර්මාණය කිරීමට ද සැලසුම් කර ඇති බවත් උදයංග වීරතුංග වැඩි දුරටත් සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *