කලාපයේ ස්ථාවරම ආණ්ඩුව ඇත්තේ අපටයි…! එය පවත්වා ගෙන යා හැකි නායකයා බැසිල්….! – උදයංග වීරතුංග…

April 17, 2021 at 7:20 am | by emanisa.lk

කලාපයේ ස්ථාවර ම ආණ්ඩුව ලැබී ඇත්තේ අපට බව හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග පවසයි.

එම ආණ්ඩුව පවත්වා ගෙන යා හැකි නායකයා අප රැකගත යුතු බව ද ඔහු අවධාරණය කරයි.

“ජනතාව ළඟට දේශපාලනඥයෝ එනදාට ජනතාව හරි හමන් දේශපාලනඥයෝ තෝරා ගන්න.

එවිට මේ ඉන්න පරම්පරාව විතරක් නෙවෙයි, ඔබේ දරුවන් දරුවන්ගේ දරුවන් වෙනුවෙන් සමෘද්ධිමත් රටක් බිහිකරන්න හැකියාව ලැබෙන රටේ උගත් දූ දරුවන්ට අනාගතයක් තියෙන රටක් බිහි කරගන්න අවස්ථාව ලැබෙයි.”

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *