දවස් 14ක් නිරෝධායනය වෙන්න ලංකාවට එන්න යුක්‍රේනුවන්ට පිස්සු නෑ…! මේ නීති එක්ක සංචාරක කර්මාන්තයට ඔළුව උස්සන්න බෑ…! – උදයංග වීරතුංග..

January 4, 2021 at 11:09 pm | by emanisa.lk

ලංකාවේ නිරෝධායන නීතිවලට අනුගතව රුසියානු සංචාරකයින් කිසිදා මෙ රටට නො පැමිණෙන බවත් යුක්‍රේන සංචාරකයන් ගෙන ඒමට සිදු වූයේ ඒ නිසා බවත් ට්‍රැවල් බබ්ල් සංචාරක ව්‍යාපෘතියේ නිර්මාතෘ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසයි.

ලංකාවේ දින 14ක් නිරෝධායනය වන්නට සහ PCR 5ක් කිරීමට සංචාරකයින්ට පිස්සු නැතැයි ද මෙ රට නිරෝධායන නීති ප්‍රායෝගික නැතැයි ද ඔහු සඳහන් කරයි.

එම නීති යාවත්කාලීන විය යුතු බවත් නො එසේ නම් මෙ රට ආදායමින් 1/5ක් වන සංචාරක ක්ෂේත්‍රයේ ආදායම ජාතික ආදායමට එකතු කර ගැනීමට වෙනත් මාර්ග සොයාගත යුතු බවත් ඔහු අවධාරණය කරයි.

ලංකාවේ දිනකට කොරෝනා ආසාදිතයින් 500ක් පමණ වාර්තා වන පසුබිමක ගුවන් යානා තුනක තමා ගෙන ආ සංචාරකයින් 575 දෙනාගෙන් තිදෙනෙකුට පමණක් ආසාදිත බවත් සංචාරකයින් 99%ක් නිරෝගී අය බවත් ඔහු සහතික වෙයි.

ලංකාවේ මිලියන 02ක් සංචාරක කර්මාන්තයෙන් යැපෙන බවත් හොටෙල් කාමර 50 000ක් ඇති බවත් ඒ නිසා සංචාරක කර්මාන්තය වෙනුවෙන් බිය නොවී තීන්දු ගත යුතු බවත් උදයංග වීරතුංග වැඩි දුරටත් පවසයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස