රුසියානු සංචාරක ව්‍යාපාරයේ ගොඩ්ෆාදර් මං…! සංචාරක ලොක්කන්ට දොළ පිදේනි දුන්නේ නෑ…! යාල සෆාරි ඩ්‍රයිවර්ලා බුබුලේ…! – උදයංග වීරතුංග…

January 6, 2021 at 4:52 pm | by emanisa.lk

තමා සිදුකරන්නේ සංචාරකයින් ගෙන ඒමක් නොව ඒ සඳහා ශ්‍රී ලංකාව සහ යුක්‍රේනය අතර සම්බන්ධතාව ගොඩනැඟීම පමණක් බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසයි.

රුසියානු සංචාරක ව්‍යාපාරයේ ගෝඩ්ෆාදර් තමන් බවත් එම සතුට සල්ලිවලට ගත නොහැකි බවත් සඳහන් කරයි.

මේ රටේ සංචාරක මණ්ඩලය සහ සංචාරක ආයතන සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට කිසිවක් නොකළ බවත් ඒ සඳහා තමන් වගකිව යුතු නැති බවත් ඔහු කියයි. සංචාරක මණ්ඩල ලොක්කන් වෙත තමන් පිදේනි රැගෙන නොගෙන ගිය බවත් අදාළ තොරතුරු ලබා දී ඇති බවත් ඔහු සඳහන් කරයි.

තමා රැගෙන ආ සංචාරකයින් 567 දෙනාගෙන් කොවිඩ් ආසාදිත දෙදෙනෙකුට පමණක් බවත් සංචාරකයින් සෑම රටකින් ම ගෙන ආ නොහැකි බවත් ජර්මනියෙන් ගෙන ආ හැකි යැයි කියන අයට එලෙස ගෙන එන ලෙස අභියෝග කරන බවත් උදයංග වීරතුංග අවධාරණය කරයි.

මාස්ක් නොපැළඳී සංචාරකයින් සිටියේ තමන් සමග පැමිණි අය සමග බව පවසන වීරතුංග කිසිවෙකු සිය නිවසේ අය සමග මාස්ක් දාගෙන සිටින්නේ දැයි ප්‍රශ්න කරයි.

යාල රියදුරන් ගිවිස ගත්තේ දිගට ම පැමිණෙන ට්‍රැවල් බබ්ල් සංචාරක කණ්ඩායම සමග නිවසින් වෙන්ව කටයුතු කිරීමට බවත් ඔහු අනාවරණය කරයි.

හිරු හාර්ඩ් ටෝක් වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *