රජු ධාර්මික වුණාම රටේ අටුකොටු පිරෙනවා! රජ දවසට පස්සේ මේ මාස් කන්නේ ලොකුම වී අස්වැන්න ලැබුණා!

April 11, 2019 at 10:52 pm | by admin

2018-19 මාස් කන්නයේ පෙර රජ දවසට පසු වැඩිම වී අස්වැන්න ලැබුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එය ආණ්ඩුවේ දක්ෂතාව නොව මුළු මහත් ජනතාවගේ භාග්‍ය බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

“දේවෝ වස්සතු කාලේන – සස්ස සම්පත්ති හෝතුච – පීතෝ භවතු ලෝකෝච – රාජා භවතු ධම්මිකෝ” (කලට වැසී වසී වා කෙත් වතු සාර වේ වා ලොව සතුටු වේ වා නිරිඳු සැම කල් දැහැමි වේ වා) වශයෙන් ආධ්‍යාත්මික සමාජයක යහපත් දිවි පැවතුම් තිබෙනවා නම් දෙවියන්ගේ සහ ත්‍රිවිද රත්නයේ ආශීර්වාදය අපට සැම විටම ලැබෙනවා බව හෙතෙම වැඩි දුරටත් පැවසීය.

කෙසේ වුවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා අනුව 2019 කාලගුණික විපර්යාස නිසා ශ්‍රී ලංකාවට මහත් බලපෑම් එල්ල වන බවට අනාවැකි පළ වී ඇතැයි ද ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස