රජයේ රු. ලක්ෂ 95 අවභාවිත කරලා! බදියුදීන් අල්ලන්න පොලිස් කණ්ඩායම් 06ක්!

October 14, 2020 at 8:03 am | by emanisa.lk

නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 6ක් ඊයේ (13) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යොමුකර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා විසින් වැඩබලන පොලිස්පත්වරයා වෙත ලබාදුන් උපදෙස් මත මෙම විශේෂ පොලිස් කණ්ඩායම් යවා තිබේ.

ජනාධිපතිවරණයේදී අවතැන්වූ ඡන්ද දායකයන් ඡන්දය දැමීමට පුත්තලම ප්‍රදේශයේ සිට ශිලාවතුර ප්‍රදේශය දක්වා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 222කින් ප්‍රවාහනය කිරීමෙන් රජයේ මුදල් රුපියල් මිලියන නමයහමාරක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඇතුළු තිදෙනෙක් සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා ඊයේ (13) වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සම්සුදීන් මොහොමඩ් සාහිම් හා එම ව්‍යපෘතියේ ගණකාධිකාරී අලගරත්නන් මනෝරන්ජන් යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයා එසේ වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න පැවසුවාය.

එම තිදෙ⁣නාගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමට ද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස