රංජන් ළඟ මහින්දගේ හඬපට 8ක් තියෙනවා! ඒවාටත් මාධ්‍ය හොඳ ප්‍රසිද්ධියක් දෙන්න ඕන! – ජවිපෙ

January 24, 2020 at 8:55 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයත් සමග ආණ්ඩුවේ ප්‍රබලයන් කලබල වී සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සඳහන් කරයි.

රන්ජන්ගේ හඬපටවලින් දේශාපලන වාසි ගන්නට උත්සාහ කළ ආණ්ඩුවේ ලොක්කන් දැන් එන තත්වය නරක බව අවබෝධ වී තමන්ගේ හඬපට එළියට ඒම වළක්වා ගැනීමට ලොකු මෙහෙයුමක නිරත වී සිටින බව ද ඔහු පැවසීය.

ඔහු බව සඳහන් කළේ අනුරාධපුරයේ ජවිපෙ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රාමනායක මන්ත්‍රීවරයා සතුව මහින්ද රාජපක්ෂගේ හඬපට අටක් ඇති බව කී බවත් ඒවාද මාධ්‍ය විසින් ප්‍රසිද්ධිය ලබා දිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ සිටින පිරිස් දැන් දැන් තමන්ගේ හඬපට එළියට ඒම වළක්වා ගැනීමට මෙහෙයුමක් සිදු කරන බවද පැවසූ ඔහු රාමනායක මන්ත්‍රීවරයා විසින් තමන්ගේ සියලු හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කිරීම හොඳ දෙයක් බවද කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස