විනිසුරු ගිහාන් පිලපිටිය රංජන් රාමනායක විසින් තමන්ට තර්ජන කළ බවට 2015-2016 සමයේ එවක පොලිස්පති ඉලංගකෝන් වෙත පැමිණිලි කර ඇති බවත් ඒ අනුව ඔහුගේ ආරක්ෂාව ද දැඩි කළ බවත් පොලිස්පතිවරයා නීතිපතිවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.
එසේම ගිහාන් පිලපිටිය රන්ජන් රාමනායකගේ අදාල දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වා ඇත්තේ ඔහුට පරීක්ෂණ කණ්ඩායම්වලින් ලැබුණ උපදෙස් පරිදිය.
මේ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධව පොලාසිය සාක්ෂිකරුවන් අට දෙනෙකුගෙන් පමණ සාක්ෂි සටහන් කරගෙන ඇති අතර පරීක්ෂණ කටයුතු හොඳින් ඉදිරියට ක්‍රියාත්මක වෙයි.
මේ අනුව නීතිපතිවරයාගේ උපදෙස් අනුව ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගත්තේ නම් සිදුවන්නේ විත්තිකරු වෙනුවට පැමිණිලිකරු අත්අඩංගුවට ගැනීමය.