රංජන්ගේ කොකේන් ලැයිස්තුව මහින්දට!

March 17, 2019 at 6:55 am | by admin

රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක කතානායක කරූ ජයසූරියට ලබා දුන් කොකේන් ලැයිස්තුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට ද ලබා දීමට සූදානම් වෙයි. පසුගිය අඟහරුවාදා විපක්ෂ නායකවරයා රංජන් රාමනායකට දුරකතන ඇමතුමක් ලබා ගත්තේ ඔහුගේ උපන් දිනයට සුබ පැතීමටය. එහි දී සිදු වූ සුහද කතාබහ අතර අදාළ ලැයිස්තුව තමා වෙත ද ලබා දෙන මෙන් මහින්ද රංජන්ගෙන් ඉල්ලා තිබේ. එහිදී එම ලැයිස්තුව ලබා දීමට රංජන් එකඟ වී තිබේ. ඇමතිවරු 24ක් කොකේන් පානය කරන බව මුල දී ප්‍රකාශ කළ රංජන් රාමනායක අනතුරුව ප්‍රකාශ කළේ එම ලැයිස්තුවේ 90%ක් මහින්දගේ සමීපතමයන් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස