කොකේන් කමිටුවේ සභාපතිකම මට දුන්නා! මම එපා කීවා! – රවී

February 23, 2019 at 11:19 pm | by admin

පාර්ලිමේන්තුවේ කොකේන් බොන මන්ත්‍රීවරු සිටී නම් එය ඔප්පු කළ යුතු බවත් එසේ නොමැතිව නිකරුණේ ප්‍රකාශ සිදු කර මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිරූප බිඳ දැමීමට ඉඩ දිය යුතු නැති බවත් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

ළාබාල ප්‍රකාශ කිරීමෙන් මන්ත්‍රීවරුන්ට කරනු ලබන අපහාසය තමන් තරයේම ප්‍රතික්ෂේප කරන බව ද කිසිදු මන්ත්‍රීවරයෙකු එවැනි ක්‍රියාවක් සිදු කරනු ඇතැයි තමන් නොසිතන බව ද අමාත්‍යවරයා පවසයි.

අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල කොකේන් කමිටුවේ සභාපති ධුරය දරන නමුත් එම තනතුර තමන්ට ලබා දිමට සුදානම් වූව ද තමන් එය ප්‍රතික්ෂේප කළ බවත් අමාත්‍යවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *