සුනිල් රත්නායක සමූහ ඝාතකයෙක්! ඔහු නිදහස් කිරීම හමුදාවට අපහාසයක්! – මංගල සමරවීර

March 27, 2020 at 11:19 pm | by emanisa.lk

රටවල් එහි හමුදාවන්ගේ කීර්ති නාමය ආරක්ෂා කරන්නේ හමුදාව අපකීර්තියට පත් කරන්නන්ට දඬුවම් කිරීමෙන් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ පසුගිය යහපාලන ආණ්ඩු සමයේ මරණ දඬුවම හිමි වූ ගජබා රෙජිමේන්තුවේ සැරයන් සුනිල් රත්නායක රණවිරුවාට ජනාධිපති සමාව ලැබීම සම්බන්ධයෙනි.

එම ටිවිටර් පණිවිඩයේ මෙසේ දැක්වේ.

”රටවල් එහි හමුදාවන්ගේ කීර්ති නාමය ආරක්ෂා කරන්නේ හමුදාව අපකීර්තියට පත් කරන්නන්ට දඬුවම් කිරීමෙනි.

70 දශකයේදී රූ රැජිනක් ඝාතනය කළ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණි. අද ළදරුවෙකු ඇතුළු තවත් හත් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ මිනී මරුවෙකුට ජනාධිපති සමාව ලබා දෙන ලදී. අහෝ ශ්‍රී ලංකාව!

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස